දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉතිහාසය

1987 අංක 42 දරණ දකුණු පළාත් සභා පනතේ 32(1) වගන්තියෙන් දකුණු පළාත් ගරු ආන්ඩුකාරවර වෙත දකුණු පළාත් රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, ස්ථානමාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීම ආදී විධායක බලතල පැවරී ඇත. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1988 දී ආරම්භ කරන ලද අතර පළාත් සභා පනතේ 33(1) වගන්තිය අනුව ගරු ආණ්ඩුකාර විසින් උක්ත බලය මෙම කොමිෂන් සභාව වෙත පවරා ඇත.

1990 අංක 28 දරණ සංශෝධන පනතින් මුල් පළාත් සභා පනතේ 32 වගන්තියට කරන ලද සංශෝධනයට අනුව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් මාණ්ඩලික නොවන තනතුරුවල පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු, විනය පාලනය හා සේවයෙන් පහකිරීමේ බලතල දකුණු පළාත් ප්‍රධාන ලේකම් හා දකුණු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පවරා දී ඇත. නමුත් මෙම කොමිෂන් සභාව විසින් මෙලෙස බලය පවරනු ලැබූ යම් නිලධාරියෙකුගෙන් තමා පීඩාවට පත්වූයේ යැයි හැ‍‍‍ඟෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ බලතල දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත රඳවා ගෙන ඇත.

දැනට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර විසින් පත් කරන ලද සභාපති ඇතුළු සාමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුනගේ එක් ධූර කාලයක් උපරිමය වසර 05 ක් වන අතර නැවත වාරයක් එම තනතුරට පත්වීමේ හැකියාව පවතී.

දකුණු පළාතේ පළමු රාජ්‍ය සේවා කොමිෂන් සභාව 1988 නොවැම්බර් 01 දින පහත සාමාජිකයන්ගෙන් සමන්විතව පත්කර ඇත.
  1. ඩී.එස්. කරන්නාගොඩ මහතා – සභාපති – 1988 සිට 1994 දක්වා
  2. පී.එස්. ජයවීර මහතා – සාමාජික – 1988 සිට 1994 දක්වා
  3. ඒ.ආර්.එම්. සෙයින් – සාමාජික – 1988 සිට 1994 දක්වා

නැවත 1994 දී පහත සාමාජිකයන් කොමිෂන් සභාවට පත් කර ඇත.

  1. ඩබ්.සී.ඩබ්. සෙනෙවිරත්න මහතා – සභාපති – 27.09.1994 සිට 30.04. 2010 දක්වා
  2. ඩී.ඩබ්. විතාරණ මහතා – සාමාජික – 27.09.1994 සිට මේ දක්වා
  3. එන්.එෆ්.එන්. සම්සුදීන් මහතා – සාමාජික – 27.09.1994 සිට 15.04.1997 දක්වා
නැවත 1997.06.30 දින එන්.එෆ්.එන්. සම්සුදීන් මහතා වෙනුවට කේ.ජී.ජේ.කේ. සිරිවර්ධන මහතා කොමිෂන් සභා සාමාජිකයෙකු ලෙස පත් කර ඇත. දැනට මෙම කොමිෂන් සභාව පහත සාමාජිකයන් 5 දෙනාගෙන් සමන්විත වේ.
  1. ජී. හේවාවිතාරණ මහතා – සභාපති
  2. ඩී.ඩබ්. විතාරණ මහතා – සාමාජික
  3. කේ.ජී.ජේ.කේ. සිරිවර්ධන මහතා – සාමාජික
  4. මුනිදාස හාල්පන්දෙනිය මහතා – සාමාජික
  5. ශ්‍රීමාල් විජේසේකර මහතා – සාමාජික

2015 මාර්තු 18 වැනිදා මුනිදාස හල්පන්දෙණිය මහතාගෙන් හිස් වූ සාමාජිකත්වයට සුගත් අමරසිරි මහතා පත් විය.

2015 සැප්තැම්බර් 09 දින සිට කොමිෂන් සභාවේ සංයුතිය සාමාජිකයින් 07 ක් බවට පත් විය. එමෙන්ම සමරපාල විතානගේ මහතා සහ කේ.එල්. සෝමරත්න නව සාමාජිකයින් ලෙස පත් කරන ලදී.

2018 ඔක්තෝබර් මස 18 වැනි දින එල්.කේ. සමරපාල විතානගේ මහතාගෙන් පුරප්පාඩු වූ සාමාජිකත්වයට ආරියරත්න පත් කෙරිණි.

එම්.වයි.එස්. දේශප්‍රිය මහතා 2023 ඔක්තෝබර් 25 දින සිට එල්.කේ. ආරියරත්න මහතාගෙන් පුරප්පාඩු වූ සාමාජිකත්වයට පත් කෙරිණි..

  1. ජී හේවාවිතාරණ මහතා – සභාපති
  2. ඩී.ඩබ්ලිව්.විතාරණ මහතා – සාමාජික
  3. කේ. කේ. ජී. ජේ. කේ. සිරිවර්ධන මහතා – සාමාජික
  4. ශ්‍රීමාල් විජේසේකර මහතා – සාමාජික
  5. සුනිල් දහනායක මහතා – සාමාජික
  6. මුනිදාස හල්පන්දෙණිය මහතා – සාමාජික
  7. එම්.වයි.එස්. දේශප්‍රිය – සාමාජික

2020 මාර්තු 18 වැනිදා සිට ජී. හේවාවිතාරණ මහතා සභාපති ධූරයට පත් කළ අතර පුරප්පාඩු වූ සාමාජිකයන් ලෙස සුනිල් දහනායක මහතා සහ මුනිදාස හල්පන්දෙණිය මහතා පත් කෙරිණි.

2024 ඔක්තොම්බර් 11 වන දින සිට ආර්.එච් කමල් මහතා සභාපති ධූරයට පත් කරන ලදී.

2024 ඔක්තොම්බර් 11 වන දින සිට කොමිසමේ සංයුතිය සාමාජිකයින් 03ක් බවට පත් විය. ආචාර්ය එම්.එස්.දේශප්‍රිය, ටී.ඩී.එම්. වික්‍රමරත්න මහත්මිය සහ ජී. මාපලගම මහතා නව සාමාජිකයින් ලෙස පත් විය.

2024 දෙසැම්බර් 04 වන දින සිට කොමිසමේ සංයුතිය සාමාජිකයින් 04ක් බවට පත් විය. ජී. වික්‍රමසිංහ මහතා නව සාමාජිකයෙකු ලෙස පත් විය.

2024 දෙසැම්බර් 04 සිට කොමිෂන් සභාව පහත සාමාජිකයන්ගෙන් සමන්විත වේ.

  1. ආර්.එච් කමල් මහතා – සභාපති
  2. ආචාර්ය එම්. එස්. දේශප්‍රිය මහතා – සාමාජික
  3. ටී. ඩී.එම්. වික්‍රමරත්න මහත්මිය – සාමාජික
  4. ජී. මාපලගම මහතා – සාමාජික
  5. ජී. වික්‍රමසිංහ මහතා – සාමාජික
දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා පහත නිලධාරීන් ලේකම් තනතුරට පත්ව ඇත.
  1. ඩබ්. සෝමදාස මහතා
  2. සිමිලා පී. විතාන මහත්මිය
  3. ඒ. සමරසිංහ මහතා
  4. එම්.අයි.පී. වික්‍රමසිංහ මහත්මිය
  5. ඩී.ජී. පුංචිහේවා මහතා
  6. කේ.එල්. දයානන්ද මහතා
  7. ඩබ්. වීරකෝන් මහතා
  8. එම්.වයි.එස්. දේශප්‍රිය මහතා
  9. සමන් දර්ශන පාඬිකෝරාල මහතා
  10. යූ.ජී. විදුර කාරියවසම් මහතා
  11. කේ.එල්. දයානන්ද මහතා
  12. යූ.ජී. විදුර කාරියවසම් මහතා

  13. කේ.එල්. දයානන්ද මහතා

  14. ගාමිණී වීරවික්‍රම මහතා

  15. ඒ.යූ. වේලරත්න මහතා (වැඩ බලන)

  16. චාමි ප්‍රියංගා රාජකරුණා මහත්මිය (වර්තමාන ලේකම්)